Prabodaya

Ratings
[Total: 0 Average: 0]
Siteprabodaya.lk



10 months ago

Prabodaya
විභාගයට මුහුණ දෙන්නේ කෙසේද?

විභාගයට මුහුණ දෙන්නේ කෙසේද?අප සැමගේම පාසල් ජීවිතයේ ආරම්භයේ පටන් අවසානයක් දකින තුරුම විභාගය යන දෙය අපගේ ජීවිතයට විටින් විට පැමිණෙයි. මේ සෑම විභාගයකදීම උසස් ජයග‍්‍රහණයක් ලබා ගැනීම සියළු දෙනා ගේම එකම බලාපොරොත්තුව වේ. මේ සඳහා හැකි උපරිමෙන් උත්සහ කරයි. විවේකයක් නොමැතිව උදේ දවල් නොබලා මේ වෙනුවෙන් සූදානම් වේ. නමුත් බො හෝ විට බොහෝ දෙනෙක්ට එහි උසස් සාමාර්ථයක් ලබා ගත නොහැකි බව නිසැකය. එයට මූලික හේතුවක් ලෙස ”නිසි ක‍්‍රමවේදයක් නොමැති වීම ප‍්‍රධාන හේතුව වේ.” සියළු කාර්්‍යයන් සඳහා නිසි පිළිවෙලක් හා ක‍්‍රමවේදයක් තිබිය යුතුය. එයින් සමහරක් පිළිබඳ අපගේ අවධානය යොමු කරමු.

පාඩම් කිරීමට සුදුසු පරිසරයක් තෝරා ගැනීම.

පාඩම් පුනරීක්ෂණ කිරීමටත්, කෙටි සටහන් පාඩම් කිරීමටත් කිසිවෙකුගේ කරදරයක් නොමැති, සුළ`ග හා එළිය ඇති, පහසු ස්ථානයක් තෝරා ගත යුතුය. රූපවාහිනිය,දුරකථනය, මිතුරන් සම`ග කාලය නාස්ති කිරීම වැනි ප‍්‍රයෝජනයක් නොමැති කි‍්‍රයාවල යෙදීමෙන් වැළකී සිටීමෙන් අපගේ අනාගතය යහපත් කර ගත හැකිය. පාඩම් කිරීමට පෙර සර්වබලධාරී අල්ලාහ්ගේ මග පෙන්වීම වන අල්-කුර්ආනය පාරායනා කිරීමට අමතක නොකරන්න.ඒ වගේම වෛකල්පිත රකාඅත් දෙකක් ඉටුකර අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරන්න පුරුදු වන්න.

පාඩම් මතක් කිරීම

විභාගයට අවශ්‍ය පාඩම් කෙසේ නැවත මතක් කර ගත හැකිද? යන දේ පිළිබඳ දැනුවත් වන්න. එදිනෙදා උගන්වන දෑ එදිනම බැලිය යුතුය. සෑම විනාඩි 50 කට සැරයක් ම විනාඩි 5ක් හෝ 10ක විවේකයක් ලබා ගන්න. එම කාලය තුළ පොඩි දුරක් ඇවිදින්න,හැකි පමණින් ජලය පානය කරන්න.

එක් වේලාවකට එක් විෂයකට පමණක් අවධානය යොමු කරන්න

ඔබ කුමක් හෝ විෂයක් හෝ පාඩම් කරන්නේ නම්, එම මොහොතේ එම විෂයට පමණක් අවධානය යොමු කරන්න. එක් අවස්ථාවක දී තම අවධානය විෂයන් දෙක, තුනකට ගියහොත් ඔබට කිසිම ඵලක් ලබාගත නොහැකිය.

විභාග ප‍්‍රශ්නවලට නියමිත කාලයට පිළිතුරු ලබා දීමට හුරු විය යුතුය.

ඔබ කුමක් හෝ ප‍්‍රශ්නයකට පිළිතුරු සැපයීමට සූදානම් වීමට පෙර ප‍්‍රශ්න පත‍්‍රය නිවැරදිව දෙතුන් වරක් කියවා බලා කාලය එයට අනුව කළමණාකරනය කරගත යුතුය. ඒ සඳහා නියමිත කාලයට එය ලියා සම්පූර්ණ කරන්න. හැකි පමණින් මෙය උත්සහ කළහොත්, ඔබගේ විභාගයට මෙය පෙර පුහුණුවක් වේ. තවද ප‍්‍රශ්න පත‍්‍රයක ඔබ පිළිතුරු ලිවිය යුතු ප‍්‍රශ්න ගණන සඳහන් කර තිබේ. ප‍්‍රශ්න ගණනට අනුව කාලය කළමණාකරණය කර පිළිතුරු සැපයීමට පටන් ගැනීම වඩාත් සුදුසුය.

විභාගයට තව සතියයි, මොකද කරන්නේ?

මේ අවස්ථාවේ දී සියල්ලෝම බියට පත් වෙති. අනවශ්‍ය ලෙස සිතීමට පටන් ගනියි. තමාට කළ නොහැකි වේ දෝ යන සිතිවිලි සිතෙහි ඇති වෙයි. මෙසේ සිතීමෙන් වැළකිය යුතුය. අනාගතය අපගේ අතේ නොව සියල්ලක්ම සර්ව බලධාරී අල්ලාහ් සතුය. අල්ලාහ් පිළිබඳ විශ්වාසය ඇතුව කි‍්‍රයා කළහොත් ජය නියතය.

ඉහත සඳහන් පරිදි විභහගයට අපගේ සූදානම කිසියම් ක‍්‍රමවේදයකට අනුව තිබිය යුතුය. විභාග දිනයේ දී පිවිතුරු සිතින් අල්ලාහ්ට යාඥා කර අල්-කුර්ආනය පාරා යනය කර අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරන්න.හැකි පමණින් සිත සැහැල්ලූ කර ගන්න පොත්පත් පෙරලීමෙන්, සහ යහළුවන් සම`ග සාකච්ඡුා වල යෙදීමෙන් වැළකී, තමාට එය කළ හැකිය යන සිත සම`ගම විභාග මධ්‍යස්ථානයට ඇතුළු වන්න.

අප අතර බොහෝ දෙනෙක්ට ප‍්‍රශ්න පත‍්‍රය අතට දුන් විගස බිය උත්සන්න වේ. දහඩිය දමා වෙව්ලන්නට පටන් ගනිති. මේ නිසාම පත‍්‍රයට පිළිතුරු ලිවීමට නොහැකි වෙයි. බොහෝ විට තමා පිළිතුරු දන්නා ප‍්‍රශ්නම පත‍්‍රයේ තිබේ. එනමුත් ඇති වූ බිය හේතුවෙන් මෙතෙක් ගත් උත්සහයන් ඵලක් නොමැති වී යයි. එම නිසා පත‍්‍රය අතට ලැබුණු විට හොඳින් කියවා තමාට දන්නා, පහසු ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීම කළ යුතුය. ඒ වගේම ප‍්‍රශ්නයට ලැබෙන ලකුණු ප‍්‍රමාණයට අනුව පිළිතුරු ලිවිය යුතුය. වේලාවට අනුව කිරීමට හැකි පමණින් උත්සහ කළ යුතුය. එවිට ඔබට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගත හැකිය.

අල්ලාහ් මත විශ්වාස ඇතුව ඔබ තුළ විශ්වාසය ඇති කරගෙන කටයුතු කරන්න. මින් ඉදිරියට ඇති සෑම විභාගයකට ම දිරියෙන් යුතුව මුහුණ දී උසස් ජයක් ලබා ගත හැකි වේවා.

උපුටාගැනීම ප‍්‍රබෝධය මාසිකයෙන් ........
... மேலும்மேலும்

10 months ago

Prabodaya
August Prabodaya Magazine

August Prabodaya Magazine ... மேலும்மேலும்

Comment on Facebook

Assalamu allaikum I need dis magazine

Assalamualaikum... could you please PM me how i can subscribed to your monthly magazine?

10 months ago

Prabodaya
This Month Probodaya

This Month Probodaya ... மேலும்மேலும்

11 months ago

Prabodaya
EID MUBARAK

EID MUBARAK ... மேலும்மேலும்

11 months ago

Prabodaya
රම්සාන් උපවාසය ඇයි මෙතරම් වැදගත්

රම්සාන් උපවාසය ඇයි මෙතරම් වැදගත්රමසාන් උපවාසය කරුණු කිහිපයක් නිසා අනෙකුත් ඉස්ලාමීය වගකීම් අතර සුවිශේෂි තැනක් ගනී. විනාඩි කිහිපයකින් නිමවන පස්වේල නැමදුම වසරකට වරක් වත්පොහොසත් අයට පමණක් පැවරෙන දුගී බද්ධ වන සකාතය සෞඛ්‍යයෙන් හා මූල්ය්‍ය වත්කමෙන් යුත් අයට ජීවිතයේ වරක් පමණක් පැවරෙන හජ් වගකීම මෙන් නොව. දිනකට පැය විසිහතරක් 14 ක් පුරා මාසයක් කුසගින්නෙන් හා පිපාසයෙන් පමණක් නොව වෙනදාට වඩා විනය ගරුකව, බිය බැතිව ජීවත්විය යුතු උපවාසය එහි අන්තර්ගතයෙන්ම සුවිශේෂී වේ.

මුස්ලිමෙකුගේ ජීවිත අපේක්ෂාව විය යුත්තේ අල්ලාහ්ගේ තෘප්තිය ලැබීමයි. එමගින් මරණින් මතු ජීවිතයේ දී අනුපමේය ස්වර්ගයට පිවිසීමේ වරම ලබා ගැනීමයි. දෙවිදුන් ස්වර්ගය සූදානම් කර ඇත්තේ බියබැතියෙන් ජීවත්වූවන් සදහාය. නැමදුමෙන්, දුගී දානයෙන්, හජ් වගකීමෙන් කුර්ආනය පාරායනය කිරීමෙන්, ලේ ඥාතීන්ට,දෙමාපියන්ට සැලකීමෙන් හා අල්ලාහ් දෙවිදුන් අණකළ බොහෝ ක‍්‍රියාකාරකම් වලින් බියබැතිමත් විය හැකිය. අල්ලාහ් කුර්ආනයේ මෙසේ සදහන් කරයි,

‘විශ්වාසවන්තයිනි පෙර සිටි අය කෙරෙහි පවරනු ලැබුවාක් මෙන් ඔබ කෙරෙහිද උපවාසය පවරන ලදි.(මෙමගින්) ඔබට බියබැතිමත් විය හැකිය.’ (2:183)

බියබැතිමත් බාවය ළගා කර ගතහැකි සුව්ශේෂී ප‍්‍රබේදයක් වශයෙන් කුර්ආනය අවධාරණය කරනුයේ උපවාසය බව ඉහළ කුර්ආන් වැකියෙන් ඔබය ඔප්පුවේ.

රමසාන් උපවාසයේ වැදගත්ම කොටස කුමක්ද?

උපවාසය පිළිගැනීමට සූදානම් වීම,විශේෂ වෛකල්පිත නැමදුම ඉෆ්තාර් අවස්ථාවට ඥාති මිත‍්‍රාදීන් සහභාගි කරවීම,දාන පරිත්‍යාග වල නිරතවීම,කුර්ආන් පාරායනය වැනි බොහෝ කරුණු වලින් සමන්විත රමසාන් උපවාස කාලායේ අත්‍යවශය හා අනිවාර්්‍ය කර්තව්‍ය වන්නේ උපවාසයේ නිරතවීමයි.උපවාසයේ නිරතවීම යනු හිමිදිරි පාන්දර(සහර්) සිට හිරු බැසයන(මග්රිබ්) වේලාව දක්වා කිසිම දෙයක් ආහාරයට ගැනීමෙන් හා පානය කිරීමෙන් හා අඹුසැමි එකතුවීමෙන් වැළකී සිටීම එහි ප‍්‍රධාන කි‍්‍රයාවයි. එම කාලපරිච්ජේදය තුල පංචේන්ද්‍රයන් අයහපත් දේ කෙරෙහි යොමු නොවී ආරක්ෂා කරගැනීම එහා බැදුණු අනෙක් කරුණු වේ.

මෙම කි‍්‍රයා පද්ධතියෙන් බිය බැතිමක යන තක්වාව ඇති වන්නේ කෙසේ දැයි බැලිය යුතුයි.වෙනදාට අනුමත කෑම බීම උපවාසයේදී තහනම් කරන්නේ අල්ලාහ්ගේ ආඥාව වෙනුවෙන් යමක් කිරීම හෝ නොකිරීම අල්ලාහ් වෙනුවෙන්ම කරන විට එහිසි නිතර අල්ලාහ්ගේ මතකයෙන්ම ඡීවත්වීමට සිදුවේ.බිය බැතිය යන්න අල්ලාහගේ මතකයෙන්ම ජීතවත්වීමයි.කුසගින්න හෝ පිපාසය සැදුනානම් ලග පාතක පහසුවෙන් ලබාගත හැකී ආහාර පාන තිබුණත් කිසි කෙනෙක් අප දෙස බලා නොසිටියත් අල්ලාහ් බලා සිටිනවා යන හැගීමෙන් වැළකී සිටීම යනු බිය බැතිකම වර්ධනය කිරීමේ මාර්ගයයි.

ගනුදෙනුවක දී හෝ සාමාන්‍ය කතාවක දී මෙන්ම විහිළුවකටවත් බොරු කීමට ඉදිරිපත් නොවන්නේ තමා උපවාසිකයෙක් යන හැගීම සිතේ තදින්ම තැන්පත් කරගෙන සිටින නිසාවෙනි. යමෙක් තමන්ට බැණ වැදුන ද තමාගේ පාර්ශවයේ සාධාරණය තිබුණ ද තමා උපවාසිකයෙක් යැයි කියයි. නිශ්ශබ්දව සාමය සුරැකීමට පැළඹෙන්නේ අල්ලාහ්ගේ තෘප්තිය ලබාගැනීම පිණිස මෙය තක්වා නමින් බියබැති බවේ තවත් අදියරයකි.

මේ අකාරයට උපවාස කාලයේ අයෙකු දානපරිත්‍යාගය වල නිරතවන්නේ ද කුර්ආනය වැඩියෙන් පාරායනා කරන්නේ ද රාති‍්‍රකාලයේ විශේෂ නැමදුම්වල යෙදෙන්නේද, කණ, දිව හා ඇස් පරිස්සම් කරගනිමින් කල්ගෙවන්නේ ද අල්ලාහ් සමග ඇති වන සම්බන්ධය නොබිදි ආරක්ෂා කිරීමට මාසයක් පුරාම ? හා දහවල් කරන සියළු දේවලින්ම අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරමින් පුහුණුව ලැබෙමින් අල්ලාහ් කුර්ආනයේ කියා බියබැතිමත් බව ඇතිවෙන්නේ නිරායාශයෙන් ය. එසේ නම් අල්ලාහ් පොරන්දු වු සුවිශේෂි රයියාන් නැමැති දොරටුවෙන් අති උසස් ස්වර්ගයට පිවිසීමට නියමිත ආකාරයෙන්ම උපවාසය රකිමු.
... மேலும்மேலும்

11 months ago

Prabodaya
this month PRABODAYA

this month PRABODAYA ... மேலும்மேலும்

12 months ago

Prabodaya

... மேலும்மேலும்

1 years ago

Prabodaya

Our Official E-mail prabodaya@gmail.com ... மேலும்மேலும்

1 years ago

Prabodaya
April month Prabodaya magazine

April month Prabodaya magazine ... மேலும்மேலும்

1 years ago

Prabodaya
This Month Prabodaya.......

This Month Prabodaya....... ... மேலும்மேலும்

1 years ago

Prabodaya
this month prabodaya

this month prabodaya ... மேலும்மேலும்

1 years ago

Prabodaya
This Month Prabodaya released

This Month Prabodaya released ... மேலும்மேலும்

Comment on Facebook

Where can I buy this

1 years ago

Prabodaya
පොපි මල් දිනය

පොපි මල් දිනයලෝකයේ සෑම රටක්ම සෑම වසරක ම පොපි මල් දිනය, නොවැම්බර් මාසයෙ 11 වෙනිද ඉතාම සුවිශේෂි සැමරුම් දිනයක් ලෙස අගය කරති. මෙය විශේෂයෙන්ම සැමරෙන්නේ රණබිමේ රණවිරුවන්ට උපහාර ප‍්‍රදානයක් වශයෙනි.

එහෙත් මෙලෙස කොයි කවුරුත් හඳුනන මේ පුංචි පොපි මලේ කථාව ඈත අතීතයට දිව යන්නක් බව ඔබ දන්නවාද? තත්කාලීන සමාජ රටාව තුල ගෝලීකරණය වන සමස්ථ ලෝකය තුළින් බිහිවූ නොයෙකුත් සැමරුම් දින අතරට ඈත අතීතයෙන් පැමිණෙන මෙම පොපි මල් සැමරුම් දිනයට හිමි වන්නේ දිගු කාලීන අතීත කථාවකි.

1914-1918 කාලය තුල පැවතී පලමුවන ලෝක යුද්ධ සමයේ යුද්ධය අවසානයේ යුධ කටයුතු නියම මඩගොහුරු බවට පත්ව තිබූ යුධ පිටිවල එක්තරා රතුපාට මල් විශේෂයක් පිපී තිබුනා’ මේ මල දුටු හැම සොල්දාදුවෙකුටම අසීමිත සතුටක් දැණුනා’ සතුරු ප‍්‍රහාර හමුවේ යුධ බිමේදී මැරී වැටුණු රන්විරුවන්ගේ ලෙයින් පෝෂණය මලක් ලෙස එදා පොපි මල් දුටු ජීවතුන් අතර සිටී රන්විරුවන් මේ පොපි මල් මිය ගිය රන්විරුවන්ගේ සංකේතයක් යොදා ගැනීමට තීරණය කලා’ මේ අනුව හැම වසරකම නොවැම්බර් මස 11 වෙනිදා මියගිය රන්විරුවන්ගේ සැමරුම් දිනය බවට ප‍්‍රකාශ වෙද්දී බි‍්‍රතාන්‍ය විසින් මෙම සැමරුම් උලලේ සංකේතයක් ලෙස පොපි මල යොදාගන්නට තීරණය කල අතර අද ලෝකයේ හැම රටකම පාහේ මෙම පොපි මල් සැමරුම පවත්වනු ලබන අතර මේ සඳහා ඒ ඒ රටවල සංවිධානද පිහිටුවා ගෙන ඇත’

කලාපිය වශයෙන් රටවල් වශයෙන් තම රටේ යුධමය කටයුතු වලදී තම අරමුණ වෙනුවෙන් හෝ තම මව්බිම වෙනුවෙන් යුධ බිමේදී ජීවිතයෙන් වන්දි ගෙවූ යුධ විරුවන් සැමරෙන දිනය පොපිමල් දිනය ලෙස හඳුන්වා ඇත’

පොපි මල ඉතාම පැරණි මල් විශේෂයක් වූ අතර පුරාණ මිනිසුන් මේ මල නින්දට අධිපති දෙවගණක ලෙස සැලකුවාය’ එසේම එය සොම්නස් නම් දෙවගන නම් නින්ද සුවදායක වීම වෙනුවෙන් භාවිතා කල මලක් ලෙස ඔවුන් විශ්වාස කලා’ එහෙත් මේ පොපි මල වැවෙන්නේ විශාල තිරිඟු යායවල වල් පැලෑටියක් ලෙස තියා ගොවියන් නම් මෙම පොපි මලට එතරම් ප‍්‍රයතාවයක් දැක්වූයේ නෑ’ තිරිඟු වගාවට අවශ්‍ය කරන පොහොර ඉතා වේගයෙන් උරා ගනිමින් ලෙහෙසියෙන් වද කල නොහැකි ලෙස තිරිඟු බිම් පුරා පැතිරෙන මෙම මල්පැළෑටිය ඉතාමත් ශක්තිමත් පැළෑටි ශාකයකි’ මලෙහි ඇති හැඩකර පෙනුමක් දීප්තිමත් වර්ණයක් තියා සමාජයේ යම් තරමක ජනපි‍්‍රය වුනත් පොපි මල කිසිම සුවඳක් නැති මලක් ලෙස සලකන්නට පුලූවන් මෙහි සුදු පාට පොපි මල් විශේෂය වේලා මත්ද්‍රව්‍යයක් වන අතර නිෂ්පාදනය කරන අතර යම් අවස්ථාවල ඖෂධීය ශාකයක් ලෙසත් යොදා ගන්නා පොපිමල් පැලෑටිය වර්තමානයේ බි‍්‍රතාන්‍යයේ උද්‍යානවල පහසුවෙන් දැකිය හැකි අතර බි‍්‍රතාන්‍යයට පොපි මල හඳුන්වා දී ඇත්තේ රෝම වැසියන් බව සැලකෙනවා’

අද වන විට යුරෝපා රටවල මෙම පොපි මල ස්වභාවිකව දකින්නට ලැබුනත් අපේ රටේදී මේ මල ස්වභාවිකව දකින්නට ලැබෙන්නේ නැත’ සැම වසරකම නොවැම්බර් 11 වෙනිදා පැවැත්වෙන ජාත්‍යන්තර පොපි මල් දිනයේදී අපේ රටේදී දැකිය හැක්කේ කෘතිම පොපි මලය’ එදින පොපි පලදිමින් අප උපහාර පුදන්නේ යුද්ධයේදී මිය ගිය ලෝකය පුරා වාසය කරන රන්විරුවන්ටයි’ ගොවියන් එතැරම් පි‍්‍රය නොකරත් සුවඳක් නැති බොහො දෙනා වල් පැලෑටියක් මිස මල් පැලයක් සේ නොසලකන අයට වැනි මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට යොදා ගන්නා පොපිමල ලෝකයේ සැමරුම් දින මලක් වූයේ මෙලෙසිනි’



කර්තෘ : මරියම් ජෙමීලා

උපුටා ගැනීම : ප‍්‍රබෝධය මාසිකය
... மேலும்மேலும்

2 years ago

Prabodaya
🙂🙂

🙂🙂 ... மேலும்மேலும்

2 years ago

Prabodaya

... மேலும்மேலும்

2 years ago

Prabodaya

... மேலும்மேலும்

2 years ago

Prabodaya
මිහිතලයේ ජීවත් වන්නන්ට කරුණාව දක්වන්න

මිහිතලයේ ජීවත් වන්නන්ට කරුණාව දක්වන්නමම මිනිසෙක් වෙමි. කියවන ඔබත් මිනිසෙකි. අපගේ පවුලේ සියලූ දෙනාම මිනිසුන්ය. එහි අපට සැකයක් නැත. සැකයක් මතුවන්නේද නැත. අන් අය කෙසේ කීවත් ඉස්ලාමයට අනුව නම් මේ මිනිසාගේ ආරම්භය ඇති වූයේ ආදම් සහ හේවා (හෞවා) යන මුල් මිනිසුන්ගෙන්ය. ඔවුනුත් අප වගේමය. ඔවුන්ටත් තිබුණේ එකම එක මොළයකි. ඇස් හා ශරීරයේ අනික් අවයව සියල්ලම මිනිසුන් හා සමාන වයි පිහිටියේ මම අතීතය ගැන මෙම ලිපියෙන් කතා කරන්න උත්සහ දරන්නේ නැත. එහෙත් අතීතයේ සිදුවීම් අපට බොහෝ ආදර්ශයක් ලබා දෙන නිසා අතීතයෙන් කොටස් ගෙන හැර දක්වීමට උත්සහ දරමි.

අද සමාජයේ මිනිසුන් කොටස් වශයෙන් බෙදී සිටිති. එක්කෝ ජාති වශයෙන්,නැතහොත් සමාජීය වශයෙන් බෙදී සිටී. මිනිසා මෙසේ බෙදී සිටීමට යම් කිසි හේතුවක් තිබුණත් අපහැදිලිතාවය නිසා බෙදී සිටියහොත් එය විශාල වැරද්දකි. මා මෙහි අපහැදිලිතාවය ලෙස අදහස් කළේ මිනිසෙක් තවත් මිනිසෙකුට පැහැදිලිව අවබෝධ කර නොගැනීමය. ලෝකවාසී සියලූ මනුෂ්‍යයන්ම මිනිස් ස්වභාවය ගැන පැහැදීමක් අතිකර ගත යුතුය. එනම් මිනිසා දුර්වලයි, ඔහු වැරදි කිරීමට පුළුවන ඔහුටත් ආශාවන් තිබේ,ඔහුටත් මට වගේම හැඟීම් තිබේ ඒ වගේම මනසක්ද තිබේ. මෙම කරුණු සියල්ල සාමාන්‍ය මිනිසෙකු තවත් මිනිසෙකු ගැන දැන ගෙන සිටිය යුතු කරුණුය. මෙසේ නොසිතා මිනිසුන්ගෙන් කොටසක් තමයි වැරදි කරන්නේ අනික් අය වැරුදි කරන්නේ නැහැ,මගේ පක්ෂයේ නායකයා වැරුදි කරන්නේ නැහැ, මගේ ආගමේ පූජකවරයා වැරදි කරන්නේ නැහැ, යන්නෙන් සිතාගත හොත් ඔබ වැරදි කරන්නේ නැහැ කියා සිතූ ඔබගේ නායකයා හෝ ඔබගේ ආගමේ පූජකවරයා වැරදි කළ විට ඔබට දරාගත නොහැකි වේවි. එහෙත් නිවැරදි ලෙස ඉස්ලාම් ආගම වටහාගත් කෙනෙකු සෑම මිනිසෙකුව ම බලන්නේ එක හා සමානවය. එකම මිනිස් සමාජයේ සෑම කෙනෙකුම වැරදි කරන සුළුය. මේ සම්බන්ධව අල්-කුර්ආනයේ ද සඳහන් වී ඇත.

නබි (සල්) තුමා වරක් මෙසේ පැවසුවේය.

”ආදම්ගේ දරුවන් සියල්ල වැරදි කරන සුළුය.” එම නිසා ඉස්ලාම් ආගමට අනුකූලව වැරදි කරන කෙනෙකුව පහත් කොට සලකන්නේ නැත. ඔහු වැරදි කළහොත් ”බලන්නකෝ මේ මනුස්සයා මෙහෙම වැඩක් කළානේ?,යන්නෙන් සිතන්නේද නැත.”

එසේනම් වැරදි කළ තැනත්තාට කුමක් කළ යුතුද? දඩුවම් කළ යුතුද? නැත්නම් සමාව දිය යුතුද? ඉස්ලාමයට අනුව නම් සමාව හා දඩුවම යන දෙකටම ඉඩ ඇත. එහෙත් නබි(සල්) තුමාගේ ජීවිතයේ දඩුවම් දීමට වඩා සමාව දීමට ප‍්‍රමුඛස්ථානයක් ලබා දී තිබුණි. එහෙත් ඇතැමුන් ඉස්ලාමය ගැන කතා කරන්නේ, ”දරුණු ආගමක්” මෙම ආගමේ දැඩි නීතිරීති තිබෙනවා, යන්නෙනි. එහෙත් නබි(සල්) තුමාගේ චාරිතාපධානය නිසියාකාරව අවබෝධ කරගතහොත් කිසි විටකත් ඉස්ලාම් ආගම ඉතා දරුණුයි යන්නෙන් කෙනෙකු පවසන්නේ නැත. ඒ සඳහා උදාහරණයන්ගෙන් සමහරක් මෙසේය,

අල්ලාහු තආලාගේ අවසාන දූතයා වන නබි මුහම්මද් (සල්) තුමා ධර්ම ප‍්‍රචාරය සඳහා ගමනක යෙදී සිටින විට එතුමාගේ ඇඟ මතට කාන්තාවක් කුණු රොඩු විසි කළාය. තවත් විටෙක නබි (සල්) තුමා සහ ඔහු මිත‍්‍රයන් සලාතයේ යෙදී සිටින අවස්ථාවක අබූජහල් නම් පුද්ගලයා ඔටුවන්ගේ අසූචි එතුමාගේ ඇඟ මතට විසි කළේය. මේ අවස්ථා දෙකෙහි දීම මුහම්මද් (සල්) තුමා ඔවුන්ට විරුද්ධව යම් ක‍්‍රියා මාර්ගයක් ගැනීමට අවස්ථාවක් තිබුණ ද එතුමා ඔවුන්ට සමාව දුන්නේය. කුණු රොඩු විසිකළ කාන්තාව රෝගී තත්ත්වයෙන් සිටියදී නබි(සල්) තුමා ඇයව බැලීමට නිවසට ගියේය.

නමින් ”හින්දා” යැයි හඳුන්වන කාන්තාවක් මුහම්මද් තුමාගේ මහප්පා වන හම්සා (රලි) තුමාගේ බඩවැල කපා එතුමාගේ අක්මාව පිටතට ගෙන සපා කෑවාය. එම කාන්තාව මක්කාව ජයග‍්‍රහණයෙන් පසු අන්ත අසරණ වී නබි (සල්) තුමා ඉදිරියට පැමිණියා ය. මක්කවේ ජයග‍්‍රහණයෙන් පසු, මනුෂ්‍යත්වයක් නැතිව තම බාප්පාව මරා දැමූ එම කාන්තාවට නබි (සල්) තුමා කරුණාව දක්වා සමාව දුන්නේය. ලැජ්ජාවට පත්වූ එම කාන්තාව එවේලෙහිම ඉස්ලාමය වැළඳ ගත්තාය. ඉස්ලාමයට කිසිවිටෙකත් කිසිවෙකුව නබිතුමා බලෙන් ඈඳාගත්තේ නැත. එතුමාගේ කරුණාව හා මෛත‍්‍රිය වටහාගත් බොහෝ අය ඉස්ලාමය වැළඳ ගත්හ.

තවත් උදාහරණයක් මෙසේය. මුස්ලිම්වරුන්ගේ ඉතිහාසයේ සටන් රාශියක් ඇතිවී ඇත. එය කවදාවත් ඉස්ලාමයේ බලය පතුරුවාලීමට නොවේ. ශ‍්‍රි ලංකාවේ ස්වයිරීභාවයට කැළැල්ලක් යම්කිසි පිරිසක් විසින් ඇතිකරනවා සේම, එවකට ඉස්ලාමයේ ස්වයිරීභාවයට යම් යම් පිරිස් කැළැල්ලක් ඇති කිරීමට උත්සහ දැරූහ. ඔවුන්ව මැඩලීම පිණිස නබි(සල්) තුමාට යුද්ධය ප‍්‍රකාශ කිරීමට සිදුවිය. ”බද්ර්” යනු එවන් සටනකි. අල්ලාහු තආලාගේ ආශිර්වාදය මත එම සටනේ දී මුස්ලිම්වරුන් ජයගත්හ. සටනේන් පරාජය ලැබූ කුරෙයිෂ්වරුන් මුස්ලිම්වරුන්ගේ අත් අඩංගුවට පත්වූහ. නබි (සල්) තුමා ඉදිරියේ අත් අඩංගුවට පත් සියල්ලන්ම සිටගෙන සිටියහ. කලීෆා උමර් (රලි) තුමා “නබිතුමණි, මොවුන්ව මරා දමන්න, යැයි කීවේය. නබි තුමාණන් හට ඕනෑම තීරණයක් ලබාදීමට හැකියාව තිබුණද නබි(සල්)තුමා ඔවුනට සමාව දුන්නේය. එතැනින් නොනැවතුණු එතුමාණෝ ඔවුන්ගේ දැනුමද අන් අයට ලබා දෙන ලෙස අණ කළේය.

ඔබටත් යම්කිසි කෙනෙකුගෙන් අසාධාරණයක් සිදුවුවහොත් ඔවුන්ට කරුණාව දක්වන්න, සමාව දෙන්න, ඒ තරමට ඔබගේ සිත හදා ගන්න, ඉතිහාසයෙන් තවත් සිද්ධියක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.

ආයිෂා (රලි) තුමිය නබි(සල්) තුමාගේ බිරිඳය. මුස්ලිම්වරුන්ගේ මවය. ඇය ගැන එවකට සිටි පුද්ගලයෙක් කටකතාවක් පැතුරුවේය, එනම් අයිෂා (රලි) තුමිය වෙනත් පුද්ගලයකු සමඟ සම්බන්ධකම් පවත්වාගෙන යන බවය. මෙය දැනගත් ආයිෂා (රලි) තුමියගේ ඥාතියෙක් සැවොම ඉදිරිපිට එය එළිදැක්වූයේ ය. මෙය කණවැකුණු එතුමියගේ පියාවන අබූ බක්ර් (රලි) තුමා කෝපයට පත්විය. කාලයක සිට එම ඥාති සොහොයුරාට අබූබක්ර් (රලි) තුමා උපකාර කරමින් සිටියේය. මෙම කටකතාව ප‍්‍රසිද්ධියට පත්කළ නිසා අබූ බක්ර්(රලි) තුමා එම ඥාති සොහොයුරාට උපකාර කිරීම නැවැත්වීමට තීරණය ගත්තේය. එවේලේම අල්ලාහු තආලා අල්-කුර්ආන් වාක්‍යයක් පහළ (සූරා අන්-නූර් 11-15) කර එම ඥාති සොහොයුරාට නැවතත් උපකාර කරන ලෙස අණ කළේය. අබූබක්කර් (රලි) තුමාට තමාගේ තීරණය වෙනස් කිරීමට සිදු විය.

මෙම සිදුවීමෙන් පෙන්වන්නේ නබි(සල්)තුමාගේ බිරිඳට ද්‍රෝහිකම් කළත් ඔහුව ද සමාජයෙන් කොන් නොකළ යුතු බවයි. ඔහුවත් ළං කරමින් ඔහුව ද සමාජය තුළින් යහපත් මිනිසෙකු කළ යුතු බවයි. ඉහත ගෙනහැර දැක්වූ ඉතිහාස සිද්ධීන් සියල්ල කෙටියෙන් පැහදිලි කර තිබේ. එය සවිස්තරාත්මකව කියවා බැලූවහොත් තවත් ආදර්ශයන් බොහෝමයක් ලබා ගත හැකිය.

ඉස්ලාමයට අනුව සෑම යහපත් ක‍්‍රියාවක්ම ඉටු කළ යුත්තේ අල්ලා වෙනුවෙන්මය. එවිටයි අපට පිං ලබාගත හැකි වන්නේ. අල්ලාහ්ගේ කරුණාව ළඟා කර ගත හැකි වන්නේ. එසේ සිතා ක‍්‍රියා කරන්නේ නම් අපට සමාව දීම එතරම් දෙයක් නොවේ. අප ජීවත් විය යුත්තේ අනුන්ව තෘප්තිමත් කිරීමට වඩා අල්ලාහ්ව තෘප්තිමත් කිරීමටය. නබි (සල්) තුමාද බොහෝ දෙනෙක්ට සමාව දුන්නේ අල්ලාහ්ගේ තෘප්තිය සඳහාත් සමාජයේ සුභ සිද්ධිය සඳහාත් ය.

එහෙනම් ඔබගේ පක්ෂයේ නායකයාත් වැරදි කරන්නට පුළුවන්, ඔබගේ ආගමික නායකයන් වැරදි කරන්නට පුළුවන්. ඇයි ඔබත් වැරදි කරනවා, මමත් වැරදි කරනවා, වැරදි කළ කෙනෙකුට සමාව දෙමු. ඔහුට ඔහුගේ වැරුද්ද වටහා දෙමු. අල්ලාහු තආලාගෙන් එම වැරද්ද වෙනුවෙන් සමාව අයදින්න කියමු. ඇණකොටා ගන්නේ නැතුව ජීවත් විය යුතු නම් අප අල්ලාහු තආලා වෙනුවෙන් සමාව දී එමඟින් තෘප්තියක් ලබා ගත යුතුය.



‘‘මිහිතලයේ සිටින්නන්ට ඔබ කරුණාව දක්වන්න අහස්තලයේ සිටින්නා ඔබහට කාරුණික වේවි’’



කර්තෘ : කුර්ෂිද් අහමද්

උපුටා ගැනීම ප‍්‍රබෝධය මාසිකය
... மேலும்மேலும்

2 years ago

Prabodaya
මුස්ලිම් භක්තිකයෙකුට යෝගා අභ්‍යාස සිදු කළ හැකිද?

මුස්ලිම් භක්තිකයෙකුට යෝගා අභ්‍යාස සිදු කළ හැකිද?යෝගා ව්‍යායාමයක් පමණක් නොව එය එක්තරා ආකාරයක භාවනා ක‍්‍රමයකි. එහි අර්ථය සිත එකලස් වීම යන්නයි. ප‍්‍රමුඛ යෝගා ශාස්තෘවරුන්ට අනුව එහි අර්ථය, දෙවියන් සමග සන්ධානගත වීමය.



මෙම යෝගා භාවනා ක‍්‍රම මීට සියවස් ගණනාවකට පෙර සිටම පැවත එන්නේය. විශේෂයෙන්ම එය හින්දු, බෞද්ධ, ජෛන සහ වෙනත් ආගම්වල සිත දියුණු කිරීමේ ක‍්‍රමයකි. යෝගා, දහම් හෝ දර්ශනය ආශ‍්‍රිත දෙයක් වන අතර ඒවා සම්බන්ධ විස්තර පෞරාණික බෞද්ධ පොත පතෙහි සඳහන්ය. බෞද්ධයින් භාවනාවේ යෙදෙන්නේ නිර්වාණය අත්කර ගැනීමට සහ රහත් වීම අපේක්‍ෂාවෙනි. බෞද්ධයින් අතර එය භාවනාවක් ලෙස ද ජෛන ආගම අදහන අය අතර එය ධ්‍යානය ලෙසද පිළිගැනේ. ථේරවාදී බෞද්ධයින් අතර සිත දියුණු කිරීමට පමණක් ක‍්‍රම පනහක් ද සිත එක්තැන් කරගැනීම සඳහා ක‍්‍රම හතලිහක් ද ඇති බව පැවසේ. කෙසේ වෙතත් ඉස්ලාම් දහම සහ යෝගා භාවනා ක‍්‍රම අතර කිසිම සම්බන්ධයක් නොමැත. නබිතුමා ඔහුගේ ජිවිත කාලය තුළ සම්පුර්ණ කරන ලද ඉස්ලාම් දහම තුළ ඔහු පෙන්වා නොදුන් කිසිවක් අළුතින් ස්ථාපනය කළ නොහැකිය.



කෙසේ වෙතත් නබිතුමාගෙන් පසු පැමිණි සූෆිවරුන් විසින් මෙම සංකල්පය දහම තුළ ස්ථාපනය කරන ලදී. ඔවුන් නොමග යවන සුලූ උපක‍්‍රම යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවගේ තර්කානුකූල බුද්ධිය මොට කළෝය. ඔවුන් පවසන අන්දමට මිනිසාගේ අවසාන ඉලක්කය අල්ලාහ් දෙවියන් සමග එකතු වීමය. මන්සුර් අල් හලාජ් ‘මමයි සත්‍යය’ යනුවෙන් පැවසුවේ ඔහු අල්ලාහ් සමග එකතු වීමෙන් බව පැවසේ. තවත් අවස්ථාවක උල් බිස්තාමි ‘මමයි සර්ව බලධාරියා’ යනුවෙන් පවසා තිබේ.(Tadhkaratul)Auliya by Dr' Bankey Behari 1961 edition) එහෙත් මේවා ඉස්ලාම් දහමේ මූලික හරයට සම්පුර්ණයෙන්ම පටහැනිය.



ඉස්ලාම් දහම නබිතුමාගේ ජිවිත කාලය තුළ දී සම්පුර්ණ කරන ලද අතර එතුමා උගන්වා නැති අලූත් භාවනා ක‍්‍රම ඉස්ලාම් දහම තුළ ඇතුල් කිරීම වරදකි. එක් අවස්ථාවකදී ජිබ්රිල් අෙලෙහිස්සලාම් තුමා නබිතුමාගෙන් ඇසු පැනයකට නබිතුමා පිළිතුරු වශයෙන් කියා සිටියේ අල්ලාහ්ට නැමදීමේදී අල්ලාහ්ව අපි නොදුටුවත්, ඔහුව අපි දකිමින් නමදින ආකාරයට එය ඉටු කරන ලෙසය. එබැවින් මුස්ලිම්වරයෙකුට ඒ ආකාරයෙන් සිත දියුණු කිරීම මැනවින් ප‍්‍රමාණවත් වේ.



සමකාලින ඇතැම් ඉස්ලාමීය විද්වතුන්ගේ මතය වන්නේ යෝගා ක‍්‍රම කොන්දේසි විරහිතව සම්පුර්ණයෙන්ම තහනම් බවයි. යෝගා ව්‍යායාම ක‍්‍රම බොහෝ ඇත. මින් ප‍්‍රමුක ස්ථානයක් ගන්නේ සුර්ය නමස්කාරය වේ. මෙය ශරීරයේ කොටස් අටක් උපයෝගී කර සිදුකළ යුතුය. මෙය නිරුවතින් සිදුකිරීම වඩාත් උචිත බව පැවසේ. විශේෂයෙන්ම ලය, පසුපස සහ කලව එයට අයත් වේ. මෙය ඉර පායන අවස්ථාවේදී ද ඉර බහින අවස්ථාවේදීද ඒ දෙස බලමින් සුර්යාකෙරෙහි සිත යොමු කරමින් කරන භාවනාවකි. මෙය මුස්ලිම්වරුන් දෛනිකව සිදුකරන සලාතයට, එහි ඇති ඉරියව්වලින් පමණක් සමානවේ. සූෆිවරුන් සුර්යා වෙනුවට තමන් නමදින ශාස්තෘවරුන්ගේ රුපය තමන් ඉදිරියේ තබාගෙන සිදු කරති. එහෙත් ඉස්ලාමීය මුලික ඉගැන්වීම් අනුව එය පිළිම වන්දනයට සම කළ හැකිය.



මේ අනුව බලන කල යෝගා භාවනාව ඉස්ලාම් දහම අනුව මුස්ලිම්වරයෙකුට සිදු කළ නොහැකි දෙයකි. ඔවුන් කළ යුත්තේ මුහම්මද් නබිතුමා පෙන්වා දුන් අන්දමට දහම පිළිපැදීම පමණි. වෙන කිසිම මාර්ගයක් අල්ලාහ් දෙවියන් පිළිගන්නේ නැත.



කර්තෘ : ෆාසී අජ්වද් B.Sc(Special)Hons

උපුටා ගැනීම : ප‍්‍රබෝධය
... மேலும்மேலும்

2 years ago

Prabodaya

... மேலும்மேலும்

2 years ago

Prabodaya

... மேலும்மேலும்

2 years ago

Prabodaya

... மேலும்மேலும்

Comment on Facebook

ලෝකේ සිංහල භාෂාව කතාකරන එකම රට ලංකාව. ප්‍රබෝධය යනු සිංහල ජනතාව අතර වැදගත් ස්ථානයක් ලබා තිබෙන සඟරාවක්.කවරයේ පිංතුරයෙන් පවා දේශී්‍යත්වය අගය කරනවා නම් එකයි සිංහල සගරාවක වටිනාකම වැඩි කරන්නේ. තායිලන්ත, ඇමරිකානුවන්ගේ ජායාරූප භාවිත කරනවාට වඩා දේශීය ජායාරූප භාවිතා කළහොත් තවතවත් අපේකමට ගෞරවයක් ඇතිවේයැයි මම විශ්වාස කරමි. ස්තූති.

2 years ago

Prabodaya

... மேலும்மேலும்

2 years ago

Prabodaya
අසාධාරණයට විරුද්ධව නැගී සිටීම

අසාධාරණයට විරුද්ධව නැගී සිටීමමනුෂ්‍ය දිවියක තිබෙන්නා වූ වටිනාකම සහ සාරධර්මයන් ලොවෙන් ගිලිහී යන කාල වකවානුවක අපි ජීවත් වන්නෙමු. අන් කාල වකවානුවලට වඩා ඉස්ලාමීය සදාචාරයේ වැදගතක්ම ලොවට අවශ්‍ය වන්නේ වර්තමානයේ ය. ලෙඩ රෝග වැඩිවෙත් ම වෛද්‍ය විද්‍යාවේ අවශ්‍යතාවය ද වැඩිවීම වැලැක්විය නොහැකිය. අද සමාජයේ ”සදාචාරය බිඳවැටීම” යන රෝගය උත්සන්න වෙමින් පවති. ඉස්ලාමය නමැති දිව්‍ය ඖෂධය කාටත් අත්‍යාවශ්‍ය වී ඇත. වර්තමාන ගැටලූවලට හේතු කුමක් ද?

බටහිර වාදීන්ගේ උත්සාහය වී ඇත්තේ ලෝකය එකම සංස්කෘතික වපසරියක තැබීමය. බටහිරින් ගිලිහී ගිය ”පවුල් සංස්ථාව” ලෝකයෙන්ම අතුගා දැමීම ඔවුන්ගේ අරමුණ වී ඇත. විවාහයකින් තොරව දරුවන් ලබා ගැනීම,සමලිංගික සේවනය,සමලිංගිකයින් අතර විවාහය නීතිගත කිරීම,මවගෙන් හෝ පියාගෙන් පමණක් සමන්විත පවුල, විවාහයකින් තොරව එක්ව ජීවත් වීම(LIVING TOGETHER),විවාහයෙන් තොරව ගැබ් ගැනීම අද බටහිර ලෝකයේ සාමාන්‍ය කරුණක් වී ඇත.

විවාහය යනු ඔවුනට විශාල ගැටළුවකි. බිරිඳ, ළමයින් පිළිබඳ වගකීම, දික්කසාදයකදී නීතිය ඉදිරියට යෑම වලක්වාලීම එකට ජීවත්වීම ඕනෑම වෙලාවක වෙන්වී යාම, එ් මොහොතේ තවත් අයෙකු සොයාගැනීම, පිරිමින් හෝ කාන්තාවන් දෙදෙනෙකු එකට අඹුසැමියන් සේ ජීවත්වීම - අවශ්‍ය නම් දෙකේ සීමාව වැඩිකර ගැනීමට ඔවුන්ගේ එනම් බටහිර වාදීන්ගේ ශිෂ්ඨ ජීවිතයේ එක් පැතිකඩකි. සමලිංගික සේවනය මෙතෙක් යුරෝපයේ සියළු රටවල් අනුමත කර නොමැත්තත් ඇතැම් රටවල් අනුමත කර ඇත. සමලිංගිකයින් ගේ විවාහයද ඇතැම් රටවල් අනුමත කර ඇත.

යුරෝපීය අධිරාජ්‍යවාදීන් අපිව පාලනය(යටත් විජිතයක්ව) සිටි කාල වකවානුවලදී අපගේ රුධිරයේ තැන්පත් කල පරගැතිභාවය තවමත් ඉවත් වී නොමැත. සුද්දන් අපට වඩා උසස්, ඔවුන්ගේ සංස්කෘතිය ද උසස්, ඔවුන් අති ශිෂ්ට සම්පන්න මිනිසුන් යනුවෙන් අපි තවමත් සිතන්නෙමු. යුරෝපීය ජාතීන් මෙරට ට යම් ඵලදායි දේවල් හඳුන්වා දුන් බව සත්‍යය. ඔවුන්ගෙන් අපට ලබා ගැනීමට තිබූ බොහෝ යහපත් දේ අප ලබා නොගන්නෙමු.

පොදුවේ ගත්විට මාධ්‍යවල යම් යහපත් කරුණු තිබුනත් බහුතර මාධ්‍යයන්ගේ කටයුතු වී ඇත්තේ සදා චාරය කෙලෙසා සංස්කෘතිය නැසීමයි. රූපවාහිනි වැඩසටහන්, ටෙලිනාට්‍ය,රූපලාවන්‍ය වැඩසටහන් පමණක් නොව වෙළඳ දැන්වීම් පවා මිනිස් මනසට අහිතකර දේවල් ඇතුල් කිරීමට සමත්වී ඇත. දශක දෙක තුනකට කලින් පිළිකුලෙන් හෙලා දැක්ක දේ අද මාධ්‍යයේ වර්ණනා මුඛයෙන් ඵල කෙරේ. පවුල් ජීවිතයේ ඉතා ගෞරවනීය රහසිගත සිදුවීම් රිදී තිරයේ හා පුංචි තිරයේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කෙරේ.

විවාහ වීමට පෙර තරුණ තරුණියින් අතර ආදර සබඳතාවය තිබීම අනිවාර්ය බව වර්තමාන මාධ්‍ය අපගේ අනාගත පරපුරට දෙන මගපෙන්වීම වේ. විවාහක පුද්ගලයින් තම විවාහක බිරිඳට සීමාවී ජීවිතය හැඩගස්වා ගැනීම කිසිසේත් අවශය නැති බව පුංචි තිරයේ පෙන්වනු ලබන්නේ ය. අන්තර්ජාලයේ හා ජංගම දුරකථනයෙන් වැඩියෙන්ම භාවිතාවන්නේ අසභ්‍ය පිටු බව පර්යේෂණවලින් හෙලිවී ඇත. මිනිස් ආවේගයන්, ආශාවන්,සමතුලිත කරන යහපත් මාර්ග පෙන්වා දෙන හා සිත නිවන මාර්ග පහදා දෙන මාධ්‍ය වැඩසටහන් ඇත්තේ ඉතා සීමිත ප‍්‍රමාණයකි. එ්වා ද විසුරුවා හරිනු ලබන්නේ මිනිසුන් නිදි කිරන මධ්‍යම රාති‍්‍රයෙහි ය. සියළු දෙනා රූප මාධ්‍යයට සම්බන්ධවන වේලාවල්වල ප‍්‍රදර්ශනය කෙරෙන්නේ සිත කැළඹෙන දර්ශනයන් ය. මේ සියල්ලෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ මිනිසා තුළ ඇති මිනිස් බව,තැන්පත් බව නැතිවී ගොස් තිරිසන් ගුණ පහල වීමය.

පවුල නමැති සංස්ථාව බිඳ වැටෙන ජීවන ක‍්‍රමයක් නිරායාසයෙන් අපගේ දෛනික ජීවිතයට එකතුවී ඇත. හිමිදිරි පාන්දර දරුවන් අවදිවීමට කලින් රාජකාරියට පිටත්ව ගොස් දරුවන් නිදාගැනීමෙන් පසු නිවස බලා එන දෙමාපියන් සහිත පවුලක, ළමයින් සම`ග සතුටු සාමීච්චියේ යෙදීමට වේලාවක් නොලැබේ. වෙළදාම් කරන උදවියත් උදේ සවස සතියේ දින හතේම රාජකාරියෙහි යෙදෙති. තවත් පිරිස් වසර ගණන් විදේශගතව ජීවත් වෙති. දරුවන්ට දෙමාපියන් පිළිබඳවත් දෙමාපියන්ට දරුවන් පිළිබඳවත් සොයා බැලීමට ඔවුනොවුනතර හැඟීම් බෙදා හදා ගැනී මට අවකාශ නොලැබේ. බ්‍රොයිලර් කුකුලන් ඇති කරන ආකාරයට කලට වේලාවට කෑම බීම සැපයීම පමණක් දරුවන් හැදීමක් වෙයිද? දිනකට පැයක් හෝ දරුවන් සමග ගත කිරීමට නොහැකි නම් පවුල් සංස්ථාව රැුකෙන්නේ කෙසේද යන්න සිතා බැලිය යුතුය.

තම දරුවන්ට අඩනිරුවත් ඇඳුම් පැලදුම් ලබා දෙන්නේ දෙමාපියන්මය. අඩනිරුවත් ඇඳුම් විලාසිතා පොඩි කාලයේ පුරුදු කිරීමෙන් ලැජ්ජා නැතිකමක් වර්ධනය වීමට ඉඩ ඇත. කුඩා ළමුන්ට වූවද විකාර අදහස්වලින් සමන්විත යෙදුම් සහිත ටී ෂර්ට් සහ ගවුම් ලබාදීමෙන් දෙමාපියන් වැලකිය යුතුය. ඉංග‍්‍රීසි භාෂාවෙන් කථා කල හැකි පාසල් සොයා එයට ඇතුළත් කර ගැනීමට උත්සාහ ගන්නා දෙමාපියන් එහි දී වර්ධනය වන සංස්කෘතික හානි පිළිබඳ තුට්ටුවකටවත් මායිම් නොකරති. කුඩා කාලයේම ආගමික හා සාරධර්ම අධ්‍යාපනය ලබාගත හැකි මනා පරිසරයකින් යුත් පාසලක් සොයාදීම දෙමාපියන්ගේ යුතුකමකි. ප‍්‍රාථමික අධ්‍යාපනට ආගමික අධ්‍යාපනය ද ලබාදිය යුතුය. බටහිරවාදය ආගමික අධ්‍යා නය පුද්ගලික දෙයක් වශයෙන් සලකා එය පොදු අධ්‍යා පනයෙන් ඉවත් කිරීමේ විපාකය දැන් භුක්ති විඳිමින් සිටී. වයස අවුරුදු හතක් වෙද්දී තමන් කවුද තමාගේ ජීවිතයේ අරමුණු කුමක් ද යන්න දරුවාට වටහා දිය යුතුය. ඉන්පසු වැරදි දිශාවකට ගමන් කිරීමට ඇති ඉඩකඩ ඇහිරිය යුතුය.



තමන්ට ලෝකයේ ම වැඩියෙන් ආදරය කරන්නේ තම මව්පියන් බව සිතෙන ආකාරයට ළමුන්ට ආදරය කල යුතුය. දෙමාපියන් අභිබවා යෑමට නොසිතන තරමට ඔවුන් ඇති දැඩි කල යුතුය. කුමන කාරණයකට වූවත් මොනම අවස්ථාවකදීවත් දෙමාපියන්ට පිටුපා කි‍්‍රයා කළ නොහැකි බව එක් එක් දරුවන්ගේ සිත් තුල දැඩි චින්තනයක් ස්ථාපිත කල යුතුය. එ් සඳහාවූ මූලික කොන්දේසිය දෙමාපියන්ගේ නොකැලල් ආදරය වේ.

දරුවන්ට අනවශ්‍ය ආකාරයට අතේ මුදල් ගැවසීම හොඳ දෙයක් නොවේ. අවශ්‍ය දේ පමණක් ලබා දිය යුතුය. අගහිඟකම් දුප්පත්කම් නැති බැරි අයගේ අමාරුකම් පිළිබඳව ද ළමුන් දැනුවත් කල යුතුය. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, හොඳ රැුකියාව, ගෙවල් දොරවල් තැනීම, බඩුමුට්ටු, යානවාහන කියා ළමුන්ගේ විවාහ ජීවිතය කල් දැමීම අනතුරුදායකය. අපචාරි ජීවන ක‍්‍රම වර්ධනය වීමේ දී විවාහ වයස දීර්ඝ වීම අතර සම්බන්ධයක් ද පවුල් කඩාකප්පල් වීමටත් විනයානුකූල පවුල් ජීවිතයට හානි පමුණුවීමටත් රට රැුකියාව බොහෝ දුරට හේතුවී ඇත. විවාහක අඹු සැමියන් කිසියම් කෙටි කාලයකට වඩා ඈත් කර තැබීම අපචාරවලට හේතුවිය හැකිය. වැරදි කිරීමේ සියලූ මාර්ග වසා දැමීම ඉස්ලාමීය ක‍්‍රමය යි. රට රැුකියා නිසා වෙන් වෙන්ව ජීවත්වන තරුණ අඹු සැමියන් වරදෙහි පැටලීමේ ප‍්‍රවනතාවය වැඩි බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ සියල්ල සඳහා අවශ්‍යම දෙය වෙනසයි පුද්ගලයෙකු පමණක් වෙනස් වීමෙන් මෙය කල නොහැකිය. අසාධාරණයේ අයහපත් බවේ සියළු දොරටු වසා දැමිය හැක්කේ මිනිස් චින්තනයේ ඇතිවන වෙනස් තුළිනි. කල නොහැකි කාර්‍යයක් නොමැත. එකමුතුව,යහපත් චේතනා, ඇත්නම් සියලූ අයහපත් දෑ විනාශ කළ හැකිය. තමා, තම පවුල, ඥාතීන්, අසල්වැසියන් වශයෙන් යහපත සඳහා පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇති බව සිතට ගනිමු.



ප‍්‍රබෝධය කර්තෘ

--හසන්--
... மேலும்மேலும்

2 years ago

Prabodaya
විශ්වය බිහිවූයේ අහම්භයෙන් ද?

විශ්වය බිහිවූයේ අහම්භයෙන් ද?පහේ කාසි දහයක් අතට ගන්න, ඒවා එකින් එක උඩ දමන්න කාසි දෙකතුනක උඩපැත්ත පහේ අගය වැටෙන්න පුළුවන් ඉතිරිය රාජ්‍ය ලාංඡනය වැටෙන්න පුළුවන් නැතහොත් තවත් ආකාරයකට අඩු වැඩි වශයෙන් පහේ අගය සහ ලාංජනය වැටෙන්න පුළුවන් මේවා සාමාන්‍ය ව්‍යවහාරයේදී අහඹු සිදුවීම් ලෙස හැඳින්වේ එහෙත් පහේ කාසි දහසක් ගෙන එකිනෙක උඩ දමා බැලීමේදී ඒ දහසම රාජ්‍ය ලාංඡනයම උඩ පැත්තට වැටෙනවායයි සිතමු එයත් අහඹුවක් ද, හරි,නැවතත් එම දහස උඩ දැමීමේදී පෙර ආකාරයටම රාජ්‍ය ලාංඡනය වැටේ නම් එයත් අහඹු සිදුවීමක් විය හැකිද? එවිට ඔබ කාසි දහසම ගෙන එකිනෙක පරීක්ෂා කරනු ඇත. දෙපැත්තම තියෙන්නේ ලාංඡනයමද කියා, මෙයින් ඔබට වැටහෙන යම් සත්‍යයක් තිබේද? අහඹු සිදුවීමක් නිතර නිතර එකම ආකාරයට සිදුවන්නේ නැත යන්න නේද? එම සත්‍යය අප ජීවත්වන මහපොළොව දෙස, සෞරග්‍රහ මණ්ඩලය දෙස සිත යොමු කරමු විශ්වයේ එකක් නොව දහසක් නොව කෝටි ගණන් පුදුම හිතන දේවල් නිතර සිදුවෙමින් පවතී. ඒවා නොකඩවා ඒ ආකරයටම සිදුවේ.විශ්වයේ ව්‍යූහය,රටාව, සීමා එහි විඳිමත් ක්‍රියාකාරීත්වය මනාව නිරීක්ෂනය කරන කෙනෙකු ඒවා අහඹු සිදුවීමක් ලෙස සිතයිද? විශ්වයේ ඇතිවූ කිසියම් අජටාකාශ අනතුරක් වශයෙන් කිසියම් විද්‍යඥයකු අදහස් කරන්නේ මක්නිසාද?

මෙම විශ්වය බිහිවූයේ කෙසේද? එහි ගමන් මාර්ගය කොතැනකින් කෙළවර වේද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න පිළිබඳ පර්යේෂන කිරීම විද්‍යාඥයන්ට නම් කැමති මාතෘකාවක් වනු ඇත. 20 වැනි සියවසේ ආරම්භය දක්වාම විද්‍යාඥයින් මෙම විශ්වය පිළිබඳ දැක්වූ අදහස වූයේ, මෙම විශ්වය ආරම්භයක් හෝ අවසානයක් නොමැති බවය. මෙය විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලැබුවේ, ස්ටැටික් යුනිවස් මොඩල් යනුවෙනි.

ව්‍යාපත්වන විශ්වය,

ඇමරිකානු විද්‍යාඥ එඞ්වින් හප්ස් 1929 දී අජටාකාශ පර්යේෂනයේ දී අළුත් මතයන් ඉදිරිපත් කළේය. අති විශාල දුරේක්ෂ ඔස්සේ තාරකාවලින් විහිදෙන ආලෝක ධාරාව නිරීක්ෂනය කළ ඔහු අලෝක ධාරා වර්ණාවලින් (Spectrum) ඇති කරන වෙනස්කම් සැලකිල්ලට ගෙන තාරකාවන් නොකඩවා ඈතින් ඈතට ගමන් කරමින් ඇති බව ඔහු ප්‍රකාශ කළේය. තවද තාරකා සහ තාරකා පද්ධති එකින් එක ඈත්වෙමින් තිබෙන බවත් ඔහු පැහැදිලි කළේය. මෙසේ විශ්වයේ ඇති වස්තූන් එකින් එක ඈත්වෙමින් තිබීම අපට පවසන සත්‍යය නම් මෙම විශ්වය තප්පරයෙන් තප්පරය ප්‍රසාරණය වෙමින් පවතිනවා යන්නය.

ඉහත සොයා ගැනීමට පෙරාතුවම ඉකුත් ශතවර්ශයේ දී අජටාකාශ විද්‍යඥයෙකු වූ ඇල්බට් අයන්ස්ටයින් තම සොයා ගැනීම්වලින් ප්‍රකාශ කළේ මෙම විශ්වය නිසොල්මන්ව ඒකාකාරයේ තිබිය නොහැකි බවය. එහෙත් ඔහු එක් වරම තම අදහස ප්‍රකාශ කළේ නැත. එයට හේතුව විශ්වය නිශ්චල ව පවතින බවට මීට කලින් විද්‍යාඥයින් ඉදිරිපත් කළ අදහස්වලට ප්‍රති විරුද්ධ අදහස් එළි දැක්වීමේ ඔහු පරිස්සම් වීමයි. තරමක් පසු කාලයේදී එම සත්‍යය ලොවට හෙළදරව් කළ ඔහු එතෙක් එය හෙළිදරව් නොකිරීම විශාල වරදක් බවත් ඔහු කියා සිටියේය. මෙම කාරණාවලින් ඔප්පු වන්නේ විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවය. පර්යේෂණ එතැනින් අවසන් වූ නැත. බොහෝ පර්යේෂණ වල ආරම්භයම එයම විය.

විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින්නේ නම් කාලයක් යන විට මෙය ඉතා විශාල වනු ඇති බව වටහා ගත හැකිය. එසේ නම් ඈත අතීතයේ මෙය කුඩා පරිමානයෙන් තිබෙන්නට ඇත. අවුරුදු මිලියන ගණනාවකට පෙර කිසියම් අදියරක මෙම විශ්වය කුඩා තිතක් වශයෙන් තමන් තුළ විශ්වය නිර්මාණය කිරීමට අවශ්‍ය සියළු වස්තූන් සමග හා ශක්තීන්(Matter and energy) සමඟ තිබෙන්නට ඇත. එම වකවානුවේ අපගේ මෙම විශ්වයේ පරිමාව ශූන්‍ය ලෙසත් ඝණත්වය සීමා රහිත වත් තිබුණු බව අවබෝධ කර ගත හැකිය. පරිමාව ශුන්‍ය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? කිසිවක් නොමැති තත්ත්වයක් නොවේද? ඒ කියන්නේ Nothingness කිසිවක් නොමැති තත්ත්වයක සිටය මෙම විශ්වය ඇතිවූ විට එයින් වටහා ගත හැකි නේද?

එය වචනවලින් කියන්නේ නම් මෙම විශ්වය නිර්මාණය කරන ලද්දක් බවය. (It was created) කිසිවක් නොමැති තත්ත්වයක සිට මෙම විශ්වය නිර්මාණය කරන ලද්දක් බව සත්‍යයක් නම් එහි නිර්මාතෘ කෙනෙකු පිළිබඳ විශ්වාසය කිරීමේ ගැටළුවක් මතුවේ ද?

විශාල පිපිරීමකින් මෙම විශ්වය ඇතිවූ බව සොයාගැනීම 20 වැනි සියවසේ වැදගත් සොයා ගැනීමකි. Big Bang යන නමින් හඳුවනු ලබන විද්‍යත්මක මූල ධර්මයBig Bang Theory යන නමින් හැඳින්වේ. වසර මිලියන 15 කට පෙර (එනම් අවුරුදු කෝටි 1500) ඉතා කුඩා තිතක් වශයෙන් තිබුණු විශ්වය තප්පරයක කුඩා කොටසක් වැනි ඉතා සුළු වේලාවකින් පන්දුවක් තරම් විශාල වී මිනිත්තුවක් වැනි කෙටි කාලයක් තුළ සැතපුම් මිලියන ගණන් ව්‍යාප්තවූ බව විද්‍යාඥයින් ගණන් බලා කියා ඇත. මෙම මහා පිපුරුමට පසුවය ඉතා කුඩා පරමානුවේ සිට විශාල තාරකා, තාරකා පද්ධති සහ තවත් ග්‍රහ මණ්ඩල ඇති වූ බව කියවේ.

විශ්වය ඇතිවූ ඒ මොහොතේ දීම භෞතික නියමයන්ද(Law of physics) ඇති වී ඇත. එම නියමයන් සමස්ථ විශ්වයටම එකම ආකාරයට බලපෑම් කරයි එහි කිසිම වෙනසක් නොමැත. එය වෙනසක් වන්නේද නැත. එම නිගමනයේ ඉතා සුළු විපර්යාසයන් සිදු වූවත් එයින් විශ්වයම විනාශයට පත්වන්නට ඉඩ ඇති බවයි විද්‍යා මතය වී ඇත්තේ අප මුලින් සඳහන් කළ විශ්වයේ ව්‍යාප්තිය ගත් කල එසේ ව්‍යාප්ත වීමේ වේගය ද කිසියම් නිශ්චිත වේගයක් බව සඳහන් වේ. එය අනතුරුදායක ව්‍යාප්ත වේගය(Critical Rate of Expansion) යනුවෙන් හැදින්වේ. මෙම විශ්වයේ මහා පිපුරුම සොබාදහමත් විශ්වයත් බැඳ තබාගෙන ඇති නියුටන් නියමයන් අතර නිශ්චිත වූ සූක්ෂම සමතුලිත වේගයකින් මෙම විශ්වය ව්‍යාප්ත වන බව විද්‍යාව පැහැදිලි කර ඇත. මෙම විශ්වයේ ව්‍යාප්තවීමේ වේගය අංශුමාත්‍රයකින් (තප්පරයෙන් කෝටියෙන් එකක් අධික වූවත් අඩු වූවත්) වෙනස් වූවත් විශ්වය අද තත්ත්වයට පත්වන්නට කලින්ම පුපුරා ගොස් විනාශ වී ඇති යන්න දැනටත් ජීවතුන් අතර සිටින විද්‍යාඥ ස්ටීෆන් හෝකිං පවසයි.

කවදත් නොවෙනස්වන ආකාරයේ ස්වභාවික නියමයන් මෙම විශ්වය ඇති කරන්නට සමත් වූයේ කෙසේද? තමන්ට අවශ්‍ය වේගය තමා ම තීරණය කර මෙම විශ්වය ව්‍යාප්ත වන්නේද? එසේ නම් මේවා අහඹු සිදුවීම් යයි කියන්න අපේ බුද්ධිය ඉඩ දෙන්නේද?

පිපිරීමක් යනු විනාශයන් බව පොදුවේ අපි දනිමු. පරමානු බෝම්බයක් පුපුරා ගියහොත් කුමක් සිදුවේද? ගිනි කන්දක් පුපුරා ගියහොත් ඇතිවන විපර්යාස කුමක්ද? ජීවිත හා දේපල විනාශ කොයිතරම් සිදුවෙයිද? එහෙත් Big bang මහා පිපුරුම පමණක් කිසියම් සීමාවන් පිළිවෙලක් අනුව තරුවැල්, ග්‍රහලෝක ඇති කර ඒවා කිසියම් නිශ්චිත රටාවකට වේගයකට ක්‍රියාත්මක කරවන්න සමත්වූයේ කෙසේද?

එක්තරා කාලයක අපගේ විශ්වය යනු ශුන්‍යවූ එකකි. පසු කලෙක එය නිර්මාණය වූයේ කිසියම් ක්‍රමයකට හා නියමයන්ට අනුකූලවය. එය අද දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ වීමට තරම් විශ්වය යනු කුඩා වස්තුවක්ද නොවේ. ආලෝක වර්ෂ දෙදාහසකට වඩා ඔබ්බට ගිහින් තවත් ව්‍යාප්තවෙමින් පවතී ආලෝක වර්ෂයක් යනු තප්පරයකට කිලෝ මීටර තුන් ලක්ෂයක් වේගයෙන් එක් වර්ෂයක් ගමන් කරන දුරය. එය කෝටි නවලක්ෂයක් බව ගණන් බලා ඇත. මෙතරම් දැවැන්ත වස්තුවක් ඉබේම ඇතිවී ඉබේම ව්‍යාප්ත වී ඉබේම කිසිම අනතුරක් නොමැතිව වසර කෝටි ගණනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් විද්‍යාඥයින් අදත් කියමින් සිටීම සත්‍ය වශයෙන් ම විශ්වාස කළ හැකි කරුණක් ද? දේව සංකල්පය, දේව විශ්වාසය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුය,(Atheist) යන පදනමේ සිටින්නා වූ විද්‍යාඥයින් මෙසේ අහඹු මූලධර්මයන් ඉදිරිපත් කරති.

විද්‍යාඥයින් දේව සංකල්පයට විරුද්ධ වීම කවදත් තිබුණු සාමාන්‍ය දෙයක් ද? ඇත්තෙන්ම මෙවැනි ප්‍රවනතාවක් පෙන්නුම් කරන්නේ ගතවූ වසර 200 ක කාලයක් තුලයි එයට පෙර විද්‍යාව යනු මිනිසා දේව විශ්වාසය කරා යොමුකර වන මාවතක් විය. මෙම විශ්වය මැවුම්කරුවෙකුගේ නිර්මාණයක් බව පිළිගන්නා විද්‍යාඥයින් බොහෝය.

1. නවීන විද්‍යාවේ පියා වශයෙන් සලකන රොබර්ට් බොයිස් (Robert Boyce)

2. ලොවේ අඝ්‍රගණය භෞතික විද්‍යාඥ මයිකල් ෆරඬේ. (Michael Faraday)

3. ජාන තාක්ෂන විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ග්‍රෙගොරි මෙන්ඩල්, (Gregory Mendel)(චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදයේ කිර්තිය අඩුවීමට හේතු වූයේ මොහුය).

4. සුප්‍රකට බැක්ටීරියා විශේෂඥ ලුයිස් පාස්චර් (Louis Pasteur)(චාල්ස් ඩාවින්ගේ මතයට විරුද්ධව දැඩි ලෙස විරුද්ධ වූයේ මොහුය).

5. පරමානු විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ජෝන් චාල්ටන්(John Charlton)

මෙසේ ලැයිස්තුව දීර්ගවේ.

සහෝදර , සහෝදරියනි මැවුම්කරු (අල්ලාහ්) විශ්වාස කිරීම හෝ නොකිරීම යනු පුද්ගලික කැමැත්තක් යයි කියා ඉවත් කළ හැකි සුළු දෙයක් නොවේ. අල්ලාහ් (දෙවියන්) පිළිබඳ අපගේ ස්ථාවරය යනු ජීවිතයේ අරමුණ තීරණය කරන්නකි. ජීවිතය යනු එකම එකම අවස්ථාවක් පමණක් ලැබෙන උතුම් දෙයකි. එම නිසා අපගේ කැමැත්ත ඇකැමැත්තට සීමාවී නොසිතා සත්‍යය සෙවීමේ අභිලාශයෙන් ඇත්තෙන්ම විශ්වය මවා පරිපෝෂනය කරන්නේ දෙවියන් ද? යන්න සිතා බැලිය යුතුය.

මෙම ස්ථානයේ දී මාර්ගය දිශා දෙකට බෙදේ. එක් අයෙකු අල්ලාහ් දෙවියන් ප්‍රතික්ෂේප කරයි. සියළු සාක්ෂි හා සාධක ඔහු ඉදිරියේ තබනු ලැබේ, එහෙත් මේවා අහඹු සිදුවීම් යැයි පවසා ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහුට අනුව මිනිසාගේ උපත අහඹු සිදුවීමකි, මරණයද එසේමය. ඉපදීම මරණය අතර ඇති ජීවිතයද අහඹු සිදුවීම්ය. ඔහුගේ මාර්ගය පිළිබඳව අපට කීමට ඇත්තේ කුමක්ද එම මාර්ගය ආලෝකමත් එකක් කියාද? නැත නියතවම එය අඳුරු මාවතකි.

තවත් අයෙකු දෙවියන් ව(අල්ලාහ්) මැවුම් කරුවා ලෙස පිළිගනී. අහසේ පොලොවේ ඇති සියළු දේ පිළිබඳ ඔහු සිතයි. එයින් ලැබෙන සියළු සාධක ඔහුගේ විශ්වාසය ස්ථීර කරනු ලබයි. මෙතරම් සුවිශාල වූ විශ්වයක් අල්ලාහ් නිකරුනේ නිර්මානය කරයි ද? යනුවෙන් ඔහු කල්පනා කරයි. අල්ලාහ් දෙසට ඔහු නැඹුරු වෙයි. අල්ලාහ් ඔහුට නබිවරුන් (දෙවියන්ගේ දූත පිරිස)ලවා නිවැරදි ජීවන මග උගන්වනු ලැබෙයි. නබිවරුන් පෙන්වන මාර්ගයේ ඔහු ගමන් කරයි. ඔහුගේ මාර්ගය ආලෝකයින් පිරුනු සෘජු මාර්ගයක්ද වෙයි.

ඔබ තෝරාගත්නේ මෙයින් කුමන මාර්ගයද? උපන්දා සිට නො එසේනම් පරම්පරා ගණනාවන් ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරමින් ජීවත් වූ මා දැන් කෙසේද වෙනස් වන්නේ යැයි සිතනවා ද? මධ්‍ය කාලය දක්වා මිනිසා පෘතුවිය පැතලි බව විශ්වාස කරමින් සිටියේය. ඉන් පසුව සත්‍ය අවබෝධයෙන් එම විශ්වාසය වෙනස් කර ගත්තේ නැතිද? පෘථිවිය වටා සූර්යයා ඇතුළු සියළු ග්‍රහයන් ගමන් කරන බව මිනිසා කාලයක් විශ්වාස කර පසුව එය වෙනස් කර ගත්තේය.

එමෙන්ම සියළු වස්තුන් ස්ථීරසාර වේ. එයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත යනුවෙන් විශ්වාස කරමින් සිටි විද්‍යාඥයින් ශුන්‍යයේ සිට මෙම විශ්වය ඇතිවූ බව Big bang මහා පිපුරුම් වාදයෙන් ඔප්පු කළහ. මුලදී එය පිළිගැනීමට මැළි වූහ. මන්ද එසේ මැලිවූයේ? එයට එකම හේතුව වනුයේ ශුන්‍යයේ සිට මෙය නිර්මාණය වූ බව විශ්වාසය කළ විට එය ශුන්‍යයේ සිට නිර්මාණය කළා වූ නිර්මාතෘවරයෙකු සිටින බව පිළිගැනීමට සිදුවෙතැයි යන චකිතයයි. එහෙත් විකල්පයක් නොමැති හෙයින් එය පිළිගන්නට සිදුවිය. එසේ වූවත් තවමත් එය පිළිනො ගන්නා විද්‍යාඥයින්ද සිටිති.

මැවුම්කරුවෙකු පිළිබඳ විශ්ව්‍යාධිපති, පිළිබඳ ව එනම් අල්ලාහ් පිළිබඳ ව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කරන අයට පැවසීමට කරුණක් ඇත. මෙම ලිපියේ සඳහන් කළේ එකම එක හේතුවක්,හා සාධකයක් පමණි, එයින් ඔබ සෑහීමට පත් නොවන්නට පුළුවන. දහස් ගණන් සාධක ඔබ ජීවිතයේදී දැක ගැනීමේ හා අත්විදීමේ අවස්ථා ඇත. ඔබ කළ යුතු එක දෙය වන්නේ ඔබේ හදවත විවෘතව තබාගන්න එය වසා අගුලු දමනු එපා.

ලිපිය ආශ්‍රිත රූප,

1.



















2 .











3 .



















4 .















5 .
... மேலும்மேலும்

2 years ago

Prabodaya
විවිධත්වයේ එකමුතුව  (Unity of Diversity)

විවිධත්වයේ එකමුතුව (Unity of Diversity)මනුෂ්‍ය සංහතිය නිර්මාණය වනුයේ විවධත්වය සහ

ඒකීයභාවය පදනම් කොටගෙනය. භාෂාව, සමේ වර්ණය, සංස්ෘකතික චර්යාවන්, ඇදහීම් රටාවන් එක් එක් ජන සමාජය අනුව රටවල් අනුව වෛවර්ණ වේ. එය සුන්දරත්වයකින් යුක්ත වේ. ජාතියක් සතු අනන්‍යතාවයද එය වේ. එය වත්කමකි. පළිඟකි. ජාතියක් සතු මෙම වත්කම අලංකාරවත් ලෙසත් විචිත්‍රවත් ලෙස ජාතින් හමුවේ එලිදැක්විමෙන් ‘විවිධත්වයේ විචිත්‍රවත්භාවය’ උද්දීපනය වේ. යුනෙස්කෝ සංවිධානය විසින් .'One world many voices' . ලෙස විවිධත්වයේ එකමුතුව නිර්වචනය කොට ඇත.



අප වෙසෙන්නේ නානා ප්‍රකාර ජාතින් ජිවත්වන ලෝකයකය. මිනිසුන් අතර ඇති සමානකම් හඳුනාගැනිම මනුෂ්‍යයෙකු වශයෙන් ඉතා වටියි. වෙසෙසින්ම බහු සමාජ සංස්කෘතින් තුළ මිනිසුන් වන අපට ජීවත්විමට එය වඩා පහසු කරයි. ‘සහජීවනය’ යනු අද අප සමාජය තුළ බහුලව එහා මෙහා විසිවෙන වචනයක් මෙන්ම අද අපට අවශ්‍යම දෙයක් බවට පත්ව ඇත. ඇත්තෙන්ම අප මෙම වචනය නිතර දෙවේලේ උපයෝගි කලාට එහි නියම තේරුම හෝ එයට අනුකූලව අප ජීවත්වෙමින් සිටින්නෙමුද?.



අප මුස්ලිම් සමාජය ගත්කළ සහජීවනයේ

ප්‍රායෝගිකතාවය උදෙසා විශාල වගකීමක් ඇත. අප තවතවත් වෙනත් ජාතින් අතරට හා යායුතුය. එය වඩාත් දැනුමෙන් සන්නද්ධව හා වගකීමෙන් කළයුතු ගමනක් වේ. ඉස්ලාම් දහම පිළිබඳ සමාජයේ පවතින වැරදි අර්ථකතන, වැටහිම්, මිථ්‍යා විශ්වාස දුරුකරලිමට හැකිවන්නේ එවිටය. අන්තවාදය අරක්ගත් ජනයා විසින් ඉස්ලාමය පිළිබඳ වැරදි චිත්‍රයක් මවාපෑමෙන් අන් සමාජවල ජනයාගේ සැකය මුසු බැල්ම අපවෙතට එල්ලවි ඇත. ඉස්ලාම් යන වචනයම ‘සාමය’ නිරුපණය කළද අද ලොව සිටින සියල්ල මුසල්මානුවන් දෙස ලෝකයා බලන්නේ මස්වැද්දන් ලෙසය. බියකරු තස්ත්‍රයන් ලෙසය. මෙයට බටහිරවාදින්ගේ ඊනියා බලපෑමේ සෘජු මැදිහත්විමද ඇතිවග කිව යුතුමය.



ඕනෑම සමාජයක මනස අයාලේ යන, මනුස්සකම නොදත් වියරු පුද්ගලයින් සිටිය හැක. එය මුස්ලිම් සමාජය, සිංහල හා දමිල සමාජය කියා වෙනසක් නැත. එහිදි වැදගත් වනුයේ අප අවධානය යොමුකළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ බාල මානසිකත්වය මිස අනුගමනය කරන දහම පිළිබඳ වැරදි වැටහිමක් නොවේ. කිසිදු ආගමක් ‘මිලේජත්වයට’ ආවඩන්නේ නැත. එය පැහැදිලිවම ශුද්ධවූ කුරානයේ සඳහන්ය. එක අතකට හරිහැටි ආගමක් අනුගමනය කරයි නම් කිසිම මනුෂ්‍යයෙකු ‘මනුෂත්වයට’ නිගරු කරන්නේද නැත. එංගලන්තයේ හිටපු ලෝප්‍රකට අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චල් අප දන්නා පරිදි යහපත් නායකයෙකි. ප්‍රජාතන්ත්‍රවාදයට ආවඩන්නෙකි. ඔහු වරෙක පලස්තීනුවන් පිළිබඳ මෙසේ සඳහන් කළේය. ‘පලස්තීනුවන් වු කලි මිලෙඡ්ච ආගමක් අදහන මිලේජ්චයන්ය යන්නයි. මෙය කොතරම් බරපතල චෝදනාවක් වන්නේද?. ඔහු දේශපාලනය අතින් ජනයාගේ සිත්සතන් දිනාගත්තද සහජිවනය පිළිබඳ හෝ අන් ආගමක් පිළිබඳ දැනුම අතින් සිටියේ සෘණාත්මක තත්වයක බැව් මොනවට පසක් වේ. ජාතියක් තවත් ජාතියකගේ අනන්‍යතාවය හරියාකාරව තේරුම්ගත හැකි නම් එහි අපූරත්වය හොඳින් විඳිය හැකි වන්නේය. එකිනෙකා පිළිබඳ සැකයෙන් හා අනියත බියකින් කල්ගෙවන සමාජයක සංහිඳියාව හෝ අනුකලනය සෙවිය නොහැක. මේ රටේ මහජාතිය ‘සිංහල ජාතියයි”. අප ඔවුන්ට ඉතා ගෞරව කරන්නෙමු. ඔවුන් තරම් ආගන්තුක සත්කාරයට ලැදි ජාතියක් තවත් නොමැති තරම්ය. ඒ පිළිබඳ විදේශිකයන් තුළ පවා ඇත්තේ නිකළැල් හැඟීමකි. අප රටේ ජනයාගේ හිත් තුළ ඇති තෙතමනයේ තරම පසුගියදා සිදුවු ගංවතුර උපද්‍රවයෙන් හොඳින් අත්වින්දෙමු. මෙයයි අප රටට අවශ්‍යය. මේ ශක්තිමත් පවුර රැස් වළල්ලක් මෙන් ආරක්‍ෂා කිරිම වඩාත් කලෝචිතවේ. මෙහි ප්‍රධානතම වගකිමක් “ජන මාධ්‍යය” සතුවේ. මාධ්‍යය රටක ජනයාගේ සිත්සතන් තුළ සිතුවිලි විපර්යාසයක් ඇතිකරලිමට ප්‍රධාන හේතුවක් වේ. සමාජයේ යම්කිසි වැරැද්දක් සිදුවු කළ කිසිම විටෙක ඔහුගේ හෝ ඇයගේ ආගම උළුප්පවා දැක්විම මාධ්‍යය විසින් නොකළ යුතු දෙයකි. නුමුත් අවාසනාවකට අද සමාජ මාධ්‍යයන් බොහෝමයක් ‘ලාභය’ හා ‘දේශපාලනය’ න්‍යාය පත්‍රය කරගෙන සිටින හෙයින් අර කියන්නාවු සහජිවනයට සාර්ථක අර්ථකතනයක් නොසපයා මිනිසුන් උසිගන්වන මාධ්‍යය බවට පත්ව තිබිම කණගාටුවට කරුණක් ‘මාධ්‍යය’ ජනයාගේ සංතානය ත්‍රාසය ඇතිකරන මෙවලමක් නොවිය යුතුයි. පොහොර නොදැමිය යුතුයි. නැති ආවේගයක් ඇති වන්නේ එවිටය. පටු අදහස් ඇත්තවුන් තුළ ජාති මමත්වය ඇතිකරවා ඔවුන් වීරයන් බවට උළුප්පවා දැක්විම මාධ්‍යය විසින් නොකළ යුතු දෙයකි. එය මහත් ව්‍යවසනයට මුල පිරිමකි.



වෙනත් ජාතින්, සංස්කෘතීන් පිළිබඳ පැහැදිළි දැක්මක් සියලුදෙනාටම තිබිය යුතුයි. එයට තහනමක් කොහෙත්ම නැත. අනුකලනයට සාර්ථකම මගද එයයි. බුදුදහමේ වසල සුත්‍රයේද සංහිඳියාව හා මනුසත්බව පිළිබඳ මනා පැහැදිළි කිරීමක් කර ඇත. මාධ්‍යය තුළ හරවත් දේශන, සංවාද තවතවත් බිහිවිය යුතුයි. පාසල් අධ්‍යාපනය තුළද බහු ආගමික විෂ්‍යයන් පිළිබඳ දැනුම සිසුන්ට ලබාදිය යුතුය. විශේෂයෙන්ම ඉස්ලාම් දහම පිළිබඳ අන් සමාජවලට ඇති දැනුම ඉතා අල්පය. දැනුමක් තිබුණද එය විකෘති වී ගිය වැරදි වැටහිමකි. එමනිසා මුලින්ම එය පිළිබඳ මනා අවබෝධ්‍යක් ලබාදිම වඩාත් යෝග්‍ය වේ. බොහෝ දෙනා පවසන පරිදි ඉස්ලාමය සුළුදෙයකට වුවද අවි ඔසවන ත්‍රස්ත්‍රවාදයට ආවඩන ආගමක් නොවේ. මෙයයි ඔවුන් ඉස්ලාමය පිළිබඳ දක්වන ආකල්පය. නුමුත් කුරානය විමර්ශනය කිරිමෙන් අනතුරුව ඉස්ලාමය තරම් සාමයට ආවඩන ආගමක් තවත් තිබේ දැයි ප්‍රශ්න කරනු ඇත. ඉස්ලාමිය න්‍යායන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කර අන් අයට නිදර්ශනයක් සැපයිම අපට අද අනිවාර්ය වේ.



ලොව කොතැනක අන්තවාදි අදහස් බිහිවේද එය බිහිවු තැනම ලොප් කළ යුතුයි. නීතිය තදින්ම ක්‍රියාත්ක කළ යුතුයි. මෙවන් පහපත් මානසික රෝගීන් නිසා නැති අවමානයත් එම දහමට එකතුවේ. විකෘති මානසිකත්වයෙන් යුතු පිරිස් ඉස්ලාමයේ ලේබලය අලවමින් ආගම විකුණන් කන තත්වයක්ද ඇත. එනිසා මෙවන් පිරිස් දහනය විමට තවත් ඉන්ධන නොසපයා නීතිය වඩාත් තදින්ම ක්‍රියාත්මක කිරිම වඩා යෙහෙකි. අන්තවාදින් වීමට ‘පීඩනය’ සපයන පිරිස්ද අන්තවාදින් වන පිරිස යන ද්විත්වයටම නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම වඩාත් අනිවාර්ය වේ. අද ලෝකය තුළ අධිපත්‍ය ඇත්තන්ද, ඉස්ලාමය ගෝලිය ත්‍රස්තවාදයේ මුලබීජය යැයි හංවඩු ගසති. මෑතකදී ප්‍රංශයේ සිදුවු ප්‍රහාරයෙන් පැයක් ඉක්මවන්නට මත්තෙන් ප්‍රංශ අගමැති ඉස්ලාමිය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතු බව ප්‍රකාශ කළේය. පලස්තීනය, සිරියාව වැනි රටවල්වල සිදුවන මහා මිනිස් සංහාරයන් පිළිබඳ කථාවක්වත් නැත. අඩුම තරමේ ශෝකය ප්‍රකාශ කිරිමක්වත් නැත. සමහරමවිට ඉස්ලාමිය රටවල්වල මිනිස් ජීවිත බටහිර ජීවිතවලට වඩා වටිනාකමින් අඩුයැයි ඔවුන්ගේ කුරුළු මොලය සිතනවා විය හැකිය.



මනුසත්භාවයට වඩා ඉහළින් තවත් ආගමක් නොමැත. මනුෂ්‍යත්වයට ගරුනොකරන අමනුෂ්‍යයින්ද මනුෂ්‍යයින් ගනයට වැටෙන්නේ නැත. නීතිමය වශයෙන්, සදාචාරමය වශයෙන්, දේශපාලනමය වශයෙන් සමාජ අනුකූලනය විය යුතුය. මනුෂ්‍යයෙකුට තමන් ඉපදුන රට තරම් පරිසරය තරම් නිදහස් තෝතැන්නක් ලොව තවත් නැත. මේ අපේ මාතෘ භුමියයි. අප නිදහසේ හුස්ම හෙලන රටයි. මේ අප අපගේ අවසන් හුස්ම වාතයට මුසුකරන රටයි. මරණින් පසු අප ශරීරය මේ පොලොවට පස්බවට පත්වන රටයි. එනයින් අප හදවතින්ම ලාංකීය වෙමු. ලාංකිකයන් වශයෙන් අනන්‍යතාවය ගොඩනංවා විවිධත්වයේ එකමුතුවේ විචිත්‍රවත්භාවය වඩා ප්‍රායෝගික ලෙස විඳින්නට ලකලැහැස්ති වෙමු.



අවසානය වශයෙන් කිවයුතු දෙයක් ඇත. අප මිනිසුන් වශයෙන් මෙලොවට බිහිවූ අතර උපතින් පසුව අප විවිධ ජාතීන්, ආගම්වලට භේද වෙන් කෙරුණි. එහෙත්, මියගියදාට නැවතත් ස්වභාවදහම අප භාරගන්නේ පොහොරක් හැටියට මිස, තමත් ගොඩනගාගත් ආගමික ජාතිකත්වයට අනුව වර්ග කිරීමකින් නොවන වග සිහිතබා ගැන අප මේ ජීවන ගමන යායුතුයි.

ප්‍රබෝධය....
... மேலும்மேலும்

2 years ago

Prabodaya
අසීමිත දායාද අත්පත් කරගන්නට නම්,

අසීමිත දායාද අත්පත් කරගන්නට නම්,සමස්ත මිනිස් වර්ගයාටම දායාදයක්වූ ඉස්ලාමයේ ප‍්‍රධාන මූලාශ‍්‍රයයවන අල්- කුර්ආනය පහළ වූ උදාර රමලාන් මාසයට අපටත් පා තැබීමට ලැබීම ගැන අල්ලාහ්ට කෘතඥ වෙමු. මුස්ලිමෙකුගේ ජීවිතයේ වැඩි බලපෑමක් කළ හැකි වැඩිවැඩියෙන් කුසල් ක‍්‍රියාවල යෙදීමෙන් අසීමිතව අල්ලාහ්ගේ දායාදයන් අත්පත් කරගත හැකි මාසායක් තුළ ජීවත්වීමට ලැබීම කොතරම් අපූරු අත් දැකීමක් වෙයිද?

සියලූ කේෂ්ත‍්‍රයේම සුවිශේෂිවූ කාලපරිච්ෙඡ්ද පවතී. උත්සව සමය එලඹෙන විට වෙළඳ ව්‍යාපාරිකයෝ වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා වැඩි ලාභයක් උපයාගැනීම සඳහා බල මුල ගන්වති. මාස ගණනාවකට කලින් සිට අවශ්‍යදේ සූදානම් කරති. එවැනි අවස්ථා ලැබෙන්නේ බොහෝ විට අවුරුද්දකට එක් වරක් වෙන්න පු`එවනි. එය පැහැර හැරීම මුළු අවුරුද්දටම වු ආදායම අහිමි කර ගැනීමේ අවදානමක් ඇත. කෘෂිකාර්මික කටයුතු වල නිරතවන්නන්ගේ මනදොල පුරවන කාලය අස්වැන්න සමයයි. ධීවර කාර්මිකයින්ටද වාර අවාර අවස්ථා තිබේ.

අල්ලාහ්ගේ තෘප්තිය ලබා නොනිමි ස්වර්ග ජීවිතයට හිමිකර ගැනීමේ පරම පවිත‍්‍ර අභිලාශයෙන් පසුවෙන විශ්වාස වන්තයෙකු සම්බන්ධයෙන් ගත්විට රම්සාන් මාසය යනු කදිම අවස්ථාවකි. උත්සව සමයේ වෙළදාම අහිමි කරගත් වෙළෙන්දෙකුට වඩා අස්වැන්න කාලයේ නියම ප‍්‍රයෝජනය නොගත් ගොවියකුට වඩා අවසාන තීන්දුවක් ගෙන ඇති අනිවාර්යය මරණය බලාපොරොත්තුවෙන් සිටින අල්ලාහ්ගේ ගැත්තෙකුට මෙය නැතුවම බැරි අවස්ථාවකි.

අනිවාර්ය යහක‍්‍රියා වලට විසිහත් ගුණයකින් ආනිසංස ලැබෙන වෛකල්පිත ක‍්‍රියාවකට අනිවාර්යය කි‍්‍රියාවක කුලිය ලැබෙන ස්වර්ගයේ දොරටු විවෘතව තබන නිරයේ දොරටුවට අගුලූ දමන ෙෂෙයිතාන්ට විලංගු දමන කාලවකවානුවක් ප‍්‍රකාශයට පත්කර තිබියදී එයින් නිසි ඵල ලබා න